ලංකාවට වාහන එවන්න ජපානයේ බැංකු අවුලක..

වාහන ආනයනය කිරීමට අදාල ණයවරය ලිපි ශ්‍රී ලංකා රජය විසින් අත්හිටුවීම සම්බන්ධයෙන් ජපානයේ කැළලක් පවතින බව ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය සඳහන් කරයි.

එහි සභාපති ජගත් රාමනායක මහතා පෙන්වා දෙන්නේ එය මෙතරම් කාලයක් මෙරටට නොදැනුනේ මෙරට වෙළඳපොළ වසාගෙන සිටීම නිසා බවය.

පෙබරවාරි මාසයේදී වාහන ආනයනය සඳහා නැවත රට විවෘත කරන විට ජපානයේ බැංකු කොයි ආකාරයෙන් ක්‍රියා කරාවිදැයි නොදන්නා බවද ඒ මහතා කියා සිටියි.

ශ්‍රී ලංකාවේ ණයවර ලිපි පිළිගැනීම සම්බන්ධයෙන් ජපානයේ බැංකු කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලිතාවයක් නැති බවද පැවසූ ඔහු කෙසේ වෙතත් ජපාන බැංකුවලින් හොඳ ප්‍රතිචාරයක් බලාපොරොත්තු වන බවත් පැවසීය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන සමග ඉදිරියට පැමිණ ඇති බවට දත්ත මේ වන විටත් ජපානයට ලබා දී ඇති බවද ඔහු තවදුරටත් පැවසුවේය.

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව