IMF යෝජනා අනුව කුඹුරු ඉඩම් ආයෝජකයින්ට විකුණන සැලසුමක්..

කුඹුරු ඉඩම් දේශීය සහ විදේශීය ආයෝජකයින්ට විකුණා දැමීමේ සියුම් කුමන්ත්‍රණකාරී සැලැස්මක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව ජාතික ගොවිජන ඒකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.

අධි තාක්ෂණික ක්‍රම යොදා ගනිමින් වී වගා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කර තිබෙන යෝජනා අනුව ආණ්ඩුව කටයුතු කරන බවට සමස්ත ගොවීන්ට මේ වන විටත් සැකයක් පැන නැගී තිබෙන බව ද සභාපතිවරයා කියයි.

කුණු කොල්ලෙට රටේ ස්වාභාවික සම්පත් පසුගිය ආණ්ඩු ජාත්‍යන්තරයට විකුණා දැමූ බව පැවැසූ හෙතෙම කුඹුරු ඉඩම් මහා පරිමාණ කෘෂි ව්‍යවසායකයින්ට විකුණා කෘෂි කර්මාන්තය සහමුලින්ම අතුගා දැමීමේ කුමන්ත්‍රණයක් වත්මන් ආණ්ඩුව කාලයේ දී ක්‍රියාත්මක කර ඇතැයි සමස්ත ගොවීන්ට සැකයක් තිබෙන බව ද පැවැසීය.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව