විදෙස් ශ‍්‍රමිකයන් ඩොලර් එවීම අඩු කරයි..

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මුදල් ලැබීම් ඉකුත් වර්ෂයේ (2024) ඔක්තෝබර් මාසයට සාපේක්ෂව නොවැම්බර් මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 530 දක්වා අඩු වී ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි.

ඉකුත් වර්ෂයේ ඔක්තෝබර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මුදල් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 588 ක් ලැබී තිබූ අතර නොවැම්බර් මාසයේ දී ප්‍රේෂණ මුදල් ලැබීම් ඇමරිකානු ඩොලර් මිලියන 58කින් අඩු වී තිබුණි.

2023 වර්ෂයේ නොවැම්බර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මුදල් ලැබීම් ඇමරිකානු ඩොලර් මිලියන 537කි.

කෙසේ වුවද 2024 මාර්තු මාසයේ සිට මාසික විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මුදල් ලැබීම් අඛණ්ඩව ඇමරිකානු ඩොලර් මිලියන 500 කට වඩා වැඩි මුදලක් ලැබී තිබුණි.

ඉකුත් වර්ෂයේ මුල් මාස 11 දී (ජන – නොවැ.) විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මුදල් ලැබීම් 2023 වර්ෂයේ මෙම කාල සීමාවට වඩා ඇමරිකානු ඩොලර් මිලියන 5,962 දක්වා සියයට 10.4කින් වර්ධනය වී තිබුණි.

2023 වර්ෂයේ මුල් මාස 11 තුළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මුදල් ලැබීම් ඇමරිකානු ඩොලර් මිලියන 5400කි.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව