දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලේ.. පින්තූර එලියට..

මරණීය දණ්ඩනයට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලේ විශේෂ පහසුකම් ලබමින් පසුවන බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ඒ බව තහවුරු කිරීම සදහා දුමින්ද සිල්වා ප්‍රතිකාර ලබන බන්ධනාගාර රෝහල් වාට්ටුවේ ඡායාරූපද මාධ්‍ය වෙත අද නිකුත් කළේය.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලේ වාට්ටු අංක 3 හි නේවාසිකව ප්‍රතිකාර ලබන අතර එහි තවත් රැඳවියන් 50කට වැඩි පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

දුමින්ද සිල්වා බන්ධනාගාරයට යවන විට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරයාගේ උපදෙස් මත ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර කළ යුතු බවට නිර්දේශ කර ඇති බවත් හෙතෙම පැවසීය.

ඒ අනුව දුමින්ද සිල්වා මේ වන විට බන්ධනාගාර වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ සිටින බවත් තවදුරටත් තව දුරටත් බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත යුතුද යන්න සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විධිමත් විමසීමක් කර ඇති බවත් සදහන් කලේය.

ඒ අනුව තත්ත්වය තක්සේරු කිරීම සඳහා වෛද්‍ය මණ්ඩලයක් පත් කර ඇති අතරල ඔවුන්ගේ නිර්දේශ මත බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව මාධ්‍ය ප්‍රකාශකයා පැවසීය.

දුමින්ද සිල්වා ඇතුළු බන්ධනාගාරයේ සිටින ඇතැම් රැඳවියන්ට විශේෂ පහසුකම් සලසන බවට බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සිරකරු අයිතීන් සුරැකීමේ සංවිධානය චෝදනා කල අතර මෙම ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරමින් බන්ධනාධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක කියා සිටියේ විශේෂ පහසුකම් කිසිවක් සපයා නොමැති බවය.

දුමින්ද සිල්වාට වෙනම වැසිකිළියක් හෝ වෙනත් විශේෂ සැලකිල්ලක් ලබාදී නොමැති බව මූලික පරීක්ෂණ දෙකක් සහ ස්ථාන පරීක්ෂා කිරීම් අනුව තහවුරු කර ඇති බවත් ඔහු පැවසීය.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව