වසරේ ගතවූ දින 4 තුළ මී උණ මරණ දෙකක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ, යාපනයේ සහ මඩකලපුව දිස්ත්‍රික්කවලින්.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ වසංගත රෝග විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මහත්මිය සඳහන් කළේ, යාපනය දිස්ත්‍රික්කයෙන් මේ වන විට මී උණ මරණ 9 ක් වාර්තා වී ඇති බවයි.
ඒ අනුව පසුගිය වසරේ වාර්තා වූ සමස්ත මී උණ මරණ සංඛ්‍යාව, 203 ක්.











