උතුර, නැගෙනහිර හමුදාව ඉවත් කරන්න කියයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීමට තරම් රටේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත නම් උතුරු නැඟෙනහිර පළාත්වල ජනතාව වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවල පමණක් තවමත් හමුදාව වැඩි වශයෙන් රඳවා ඇත්තේ ඇයි දැයි ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ වැඩ බලන නායක සී. වී. කේ. සිවඥානම් මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි.

යාපනයේ පිහිටි ඔහුගේ කාර්යාලයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මෙම ප්‍රශ්න කිරීම සිදු කළේය.

උතුරු නැඟෙනහිර පළාත්වල යුද හමුදාව පමණක් නොවන අතර ගුවන් හා නාවික හමුදා භටයන්ද වැඩි පිරිසක් තවමත් රඳවා සිටින බව ඒ මහතා පෙන්වා දුන්නේය.

විශේෂයෙන් මුලතිව් දිස්ත්‍රික්කය ගුවන් හමුදාව විසින් දැනටමත් ආක්‍රමණය කර තිබෙන බවද සිවඥානම් මහතා සඳහන් කළේය.

උතුරු නැඟෙනහිර පළාත් වල හමුදාව අඩු කිරීම මඟින් කැලෑ ප්‍රදේශ ආරක්ෂා වන අතරම ජනතාවට නැවතත් වගා කිරීමට ඔවුන්ගේ ඉඩම් ලැබෙනු ඇති බවද ඒ මහතා කීය.

– ලක්ෂ්මී ජයක්කොඩි

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව