ව්‍යාජ අංක යටතේ ලියාපදිංචි කරන ලද ජීප් රථ තුනක් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා කූඨ ලේඛන භාවිත කරමින් ව්‍යාජ අංක යටතේ ලියාපදිංචි කරන ලද ජීප් රථ තුනක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සිය භාරයට ගෙන තිබෙනවා. 

හමුදා රථයකට සමාන මිට්සුබිෂි වර්ගයේ එක් ජීප් රථයක් එම ඒකකයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇත්තේ පානදුර, පිංවත්ත ප්‍රදෙශයේදීයි. 

හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු විසින් භාවිත කරන බවට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී අදාළ ජීප් රථය පොලිස් භාරයට ගෙන තිබෙනවා. 

ඒ අනුව සිදු කළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වූ තොරතුරු අනුව ලෑන්ඩ් රෝවර් වර්ගයේ ජීප් රථ දෙකක් රත්මලාන ප්‍රදේශයේ නිවසක ගාල් කර තිබියදී සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. 

අදාළ ජීප් රථ සම්බන්ධයෙන් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය  වැඩිදුර විමර්ශන සිදු කරනවා. 

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන