අනුර රනිල්ගේ අඩි පාරේ… භාණ්ඩ 63කට පැනවූ බදු අවසන් වෙන්න නොදෙයි.. තවත් දීර්ඝ කරයි..

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

මෙතෙක් පැවති බදු අනුප්‍රමාණයන්ගේ වලංගු කාලය දීර්ඝ කරමින් 2007 අංක 48 දරන විශේෂ වෙළද භාණ්ඩ බදු පනත යටතේ 2024 දෙසැම්බර් මස 31 දිනැති අංක 2417/20 දරන ගැසට්‌ නිවේදනය ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙනි.

වඩාත් සරල සහ විනිවිදභාවයකින් යුත් බදු ක්‍රමයක් පවත්වා ගැනිමේ අරමුණින්, 2007 අංක 48 දරන විශේෂ වෙළද භාණ්ඩ බදු පනත යටතේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු තෝරාගත් භාණ්ඩ වර්ග 63 ක් ආනයනය කිරීමේ දී මෙතෙක් පවත්වා ගෙන යමින් සිටින විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද, පැවති බදු අනුප්‍රමාණයන් යටතේම, එකී භාණ්ඩ මත සංශෝධනය කිරීමකින් තොරව, 2025 ජනවාරි මස 01 දින සිට ඉදිරියටන් අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා 2024 දෙසැම්බර් මස 31 දිනැති අංක 2417/20 දරන ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව, පරිප්පු, සුදුසීනි, අර්තාපල්, ලොකුළූණූ, රතුළූණු, සුදුළූණු, පොල්තෙල් ඇතුළු එළවළු තෙල්, ටින් මාළු, වියළි මිරිස් ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ 63 ක් (රේගු සංකේතාංන 210 ක්) සඳහා මෙතෙක් පැවති බදු අනුප්‍රමාණයන් සංශෝධනයකින් තොරව එලෙසම පවත්වා ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් පාරිභෝගික ජනතාවට භාණ්ඩ මිල ඉහල යාමක් සිදු නොවන අතර, සහල්, උදු, මුං ඇට, බඩ ඉරිඟු, කුරක්කන්, කහ, පළතුරු වර්ග, මාළු සහ කරවල ආදී දේශීය කෘෂි සහ ධීවර කර්මාන්තය ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම පනත යටතේ ක්‍රියාත්මක කරන ලද බදු අනුප්‍රමාණ එලෙසම පවත්වා ගැනීමට මෙම 2024 දෙසැම්බර් මස 31 දිනැති අංක 2417/20 දරන ගැසට් නිවේදනය මගින් කටයුතු කර ඇත.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන