සමාජ ක්රියාකාරී නාමල් කුමාර කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ප්රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාසයේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
කොටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ජනවාරි 15 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
අගරදගුරු තුමන්ගේ ප්රතිරූපයට හානි වන අන්දමේ හඬපටයක් පිළිබඳව නාමල් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබින.
 
								 
								 
															 
														 
														 
														 
														 
                                             
                                             
                                            











