රන්ජන් අලි අමාරුවක.. CID ප‍්‍රශ්ණ කරයි.. අගරදගුරුට බනින හඬපට එලියට..

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන්ට අපහාස වන ආකාරයේ වෛරී ප්‍රකාශ නිකුත් කර ඇති බවට එල්ලවන චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය, රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතාගෙන් (31 දා) පැය 2ක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගත්තේය.

සිවිල් ක්‍රියාකාරිකයකු වන නාමල් කුමාර නමැත්තා විසින් සිදුකළ මෙම චෝදනාව සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ කොළඹ අපරාධ කොට්ඨාසය මීට ඉහතදී ඔහුගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතා කාදිනල්තුමන්ට අපහාස වන ආකාරයෙන් නිකුත් කළ ප්‍රකාශවලට අදාළ හඬපට තමන් සතු බව පවසන නාමල් කුමාර මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් සහ කාදිනල්තුමන්ගෙන් ද ඉල්ලීම් කර ඇත.

මේ සම්බන්ධයෙන් නාමල් කුමාරගෙන් නැවත ප්‍රකාශ ලබාගැනීමට නියමිත බව කොළඹ අපරාධ කොට්ඨාස ආරංචි මාර්ග පැවසීය.

හේමන්ත රන්දුණු

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව