මන්නාරම, පුල්මුඩේ න්‍යෂ්ටික බලාගාර තුනක්.. ආයෝජකයන් සොයයි..

මෙගා වොට් 900 ක විදුලියක් ජනනය කළ හැකි නන්‍යෂ්ටික බලාගාර තුනක් ඉදිකිරීම සඳහා සුදුසු ආයෝජකයෙකු සොයා ගැනීම වෙනුවෙන් සකස් කළ අභිලාෂය ප්‍රකාශ කිරීමේ පත්‍රයට නීතිපති දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ ලැබී ඇති බව ද ඒවා ඇතුළත් කර ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන වසරේ ජනවාරි මස මුල් සතියේ දී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපති මහාචාර්ය එස්. ආර්. ඩී. රෝසා මහතා පැවසීය.

ඉදිරිපත් වෙන යෝජනා වලින් ශ්‍රී ලංකා රජයේ කොන්දේසි වලට එකඟ වෙන සමාගමකට ව්‍යාපෘතිය පවරන බව ද බලාගාර ඉදිකිරීම වෙනුවෙන් වැය වෙන සියලු මුදල් ආයෝජක සමාගම විසින් දරනු ලැබිය යුතු බව ද කී මහාචාර්යවරයා ඒ සඳහා ශ්‍රී ලංකා රජයෙන් කිසිදු මුදලක් ආයෝජනය නොකරන බවත් බලාගාර වලින් නිපදවන විදුලිය දැරිය හැකි මිලකට රජය මිල දී ගන්නා බවත් ප්‍රකාශ කළේය.

අදාළ බලාගාර ඉදිකිරීම සඳහා සුදුසු ජනශුන්‍ය මුහුදු බඩ ප්‍රදේශ කිහිපයක් මන්නාරම සහ පුල්මුඩේ ප්‍රදේශ වලින් සොයා ගෙන ඇතැයි ද අධ්‍යයනයකින් පසු සුදුසු ස්ථාන තෝරා ගන්නා බව ද කී සභාපතිවරයා 2035 න් පසු මෙම බලාගාර ඉදිකිරීමේ කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළේය

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන