රජයේ ආර්ථික වැඩපිලිවෙල කිසිවෙකු දන්නේ නෑ.. එදිනෙදා දුවනවා විතරයි..- මහාචාර්ය

වත්මන් රජයේ ඉදිරි ආර්ථික වැඩපිළිවෙල කුමක්දැයි පොදු ජනතාවට මෙන්ම ආයෝජකයන්හට ද කිසිඳු අවබෝධයක් නැතැයි ආර්ථික විද්‍යා මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි.

දෙරණ නාලිකාවේ සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.

“අපි දකින්නේ නැහැ ඇත්තටම මොකක්ද රජයේ ආර්ථික වැඩපිළිවෙල කියන කාරණාව. අපි දකින්නේ නැහැ ඊට අඳාලව කටයුතු කෙරෙනවා. දැනට අපි දකින්නේ මූලික වශයෙන්ම අර එදිනෙදා තියන ආර්ථිකයේ පැනනඟින ගැටළු සම්බන්ධයෙන් විවිධ විසඳුම් ලබා දීමේ ක්‍රියාවලියක්. මොක ද ආර්ථිකය ඉදිරියට අරගෙන යෑම සඳහා අවශ්‍ය වන්නා වූ ප්‍රතිසංස්කරණ ඉදිරියට යන බවක් පේන්නත් නැහැ. ඉතින් මේ තුළ මම හිතන්නේ මම කල්පනා කරන ආකාරයට අපි ප්‍රමාදයි. ”

ඒ කියන්නේ දැන් රජයේ ආර්ථික දර්ශනය පිළිබඳව අපිට පැහැදිළි චිත්‍රයක් නැහැ.

අපිට විතරක් නෙවෙයි මම හිතන්නේ ආයෝජකයන්ටත් චිත්‍රයක් නැහැ පැහැදිළිව.ඒකට ප්‍රධානම හේතුව තමයි. දැන් මෙහෙමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් මේක සඳහන් කරා. ඇත්තටම ඔවුන් පවත්තවපු මාධ්‍ය සාකච්ඡාවෙදි ඔවුන් පැහැදිලිව කිව්ව දෙයක් තමයි ආර්ථික ස්ථායීකරණය කියන කොටස දැන් නිමා වෙමින් පවතින්නේ. නැත්තන් දැන් ඒක නිමා වෙලා තියෙන්නේ.

එහෙමනම් මෙතන ඉදලා ඔවුන් කිව්වේ අපි අවධානය යොමු කරන්න ඕන ආර්ථික වර්ධනය පැත්තට. එතකොට ආර්ථික වර්ධනය ලඟා කර ගැනීමට අවශ්‍ය වන්නා වූ ප්‍රතිසංස්කරණ ඉදිරියට පවත්වාගෙන යායුතු වෙනවා. පසුගිය රජය අර ආර්ථික ස්ථායීකරණයට අමතරව ආර්ථික වර්ධනයට අවශ්‍ය වන්නා වූ ඒ ප්‍රතිසංස්කරණත් ඉදිරියට ගෙන එමින් පැවතියා නමුත් මේ රජය අපි දක්න්නේ නැහැ තවම ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා.”

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව