නාමල්ගේ ෆයිල් එකක් අදී.. කේස් එක රහස් පොලිසියට..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නීතිඥ උපාධිය ලබාගත් ආකාරය ප්‍රශ්න කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොනුකර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා ප්‍රතිචාර දක්වයි.

ඔහු සඳහන් කරන්නේ තමන් ඇතුළු කිසිදු අපේක්ෂකයකුට විශේෂ සැලකිල්ලක් ලබාදී නැති බවය.

‘මට එල්ල වන අනෙකුත් බොහෝ චෝදනා මෙන්ම දේශපාලන වාසි සඳහා පමණක් වසර ගණනාවක් තිස්සේ භාවිතා කරන ලද මෙම චෝදනාවත් සම්පූර්ණයෙන්ම පදනම් විරහිතයි.

සාධාරණත්වය වෙනුවෙන් කවදත් ඉහල කීර්තියක් හිමිකරගත් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විශ්වාසනීයත්වය දැඩිලෙස මෙම චෝදනාවෙන් හෑල්ලු කරනවා. මා ඇතුළු කිසිම අපේක්ෂකයෙකුට විශේෂ සැලකිල්ලක් දුන්නේ නැහැ.

මගේ නීති විභාගයේදී මාහට විශේෂ සැලකිම් කලා කියන වරදවා වටහා ගැනීම මෙම විමර්ශනයේ ප්‍රතිඵලයවිසින් ඉවත් කරනු ඇති බව මට විශ්වාසයි. එම ක්‍රියාවලියට මගේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට මම සහතික වෙනවා. සත්‍යය ජයගනු ඇති බව මගේ දැඩි විශ්වාසයයි.

වර්තමාන ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවයන් සහ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විසින් ලබා දී ඇති ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් වලින් මහජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීමට මෙවැනි උපක්‍රම භාවිතා කරනවා. ඔවුනට එල්ල වූ චෝදනා අවසානයේ කථානායකවරයාට ඉල්ලා අස්වීමට පවා සිදු ව ඉන් ආණ්ඩුව දෙදරුම් කෑවා. කථානායකවරයා ව්‍යාජ සුදුසුකම් සහිතව පත්කිරීම සම්බන්ධයෙන් පවතින මතභේදය වඩාත් බරපතල අවධානයට ලක්විය යුතු කරුණක්’

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව