ඉන්දියාව ලංකාව විදුලි කේබල්වලින්, තෙල් නලයකින් සම්බන්ධ කරනවා.. ‘එට්කා’ ඉක්මනින්…

ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව විදුලි සම්ප්‍රේෂණ ජාලයන් සම්බන්ධ කිරීමටත්, ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා තෙල් නළයක් ඉදිකිරීමටත් දෙරට අතර වන එක්ටා ගිවිසුම ඉක්මනින් අවසන් කිරීමටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහග සාකච්චා කල බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.

නවදිල්ලියේ ‘හයිද්‍රාබාද් හවුස්’ දෙරටේ රාජ්‍ය නායකයින් දෙපළගේ හමුවීමෙන් පසුව පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුව අමතමින් ඔහු මෙසේ කියා සිටියේය.

‘අපිට සතුටුයි ජනාධිපති වූ පසුව ඔබගේ පළමු විදේශ සංචාරය සඳහා ඉන්දියාව තෝරා ගැනීම ගැන. මෙම සංචාරය අපගේ සබඳතාවලට නව ජවයක්.

භෞතික ඩිජිටල් සහ බලශක්ති සම්බන්ධතාවය අපගේ හවුල්කාරීත්වයේ වැදගත් වැදගත් කුළුණු වනු ඇති.

දෙරට අතර විදුලි බල ජාල සම්බන්ධතාවය සහ බහු නිෂ්පාදන පෙට්‍රෝලියම් නල මාර්ග ස්ථාපනය කිරීමේ කටයුතු ආරම්භ වේවි. සම්පූර්ණ සූර්ය බල ශක්ති ව්‍යාපෘතියට ජවයක් ලබාදෙනවා.

ඒ වගේම ලංකාවේ බලාගාර වලට අප එල්.එන්.ජී. සපයනවා.

ද්විපාර්ශවික වෙළඳාම නංවාලීම සඳහා දෙපාර්ශ්වයම ’එක්ටා’ ඉක්මනින් අවසන් කිරීමට උත්සාහ කරනවා.

අපේ දෙපාර්ශවයේම ආරක්ෂක අවශ්‍යතා එකිනෙකට සම්බන්ධ බවට අපි දෙදෙනාම සම්පූර්ණයෙන්ම එකඟයි.

දෙරටේ අරක්ෂික සහයෝගිතා ගිවිසුම කඩනමින් අවසන් කිරීමට අපි තීරණය කර තිබෙන්නේ ඒ නිසයි.

ධීවරයන්ගේ ගැටලු ගැනත් අපි සාකච්ඡා කළා. මේ කාරණය සම්බන්ධයෙන් මානුෂ්‍යයේ ප්‍රවේශයකින් ඉදිරියට ආයිත් බවට අපි එකඟයි.

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණය සහ සංහිඳියාව ගැනත් අපි කතා කළා. දිසානායක ජනාධිපතිතුමා එතුමාගේ මතය ගැන මට කිවුවා.

ශ්‍රී ලංකා රජය දෙමළ ජනතාවගේ අභිලාෂ ඉටු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සහ පළාත් සභා මැතිවරණ පැවැත්වීම සඳහා වන කැපවීම ඉටු කරනු ඇතැයි අපි විශ්වාස කරනවා.

ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා වන ඔහුගේ ප්‍රයත්නයන්හිදී ඉන්දියාව විශ්වාසදායක සහ විශ්වාසදායක හවුල්කරුවකු ලෙස පවතින බවට මම සහතික වෙනවා’

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන