මට ‘ආචාර්ය’ නාමය දැමූ පුද්ගලයා සොයනු..- අධිකරණ ඇමති CID යයි..

තමන්ගේ නම ඉදිරියෙන් ‘ආචාර්ය’ නාමය යෙදීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය හර්ෂන නානායක්කාර මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පැමිණිල්ලක් කර තිබේ.

තමන් භාවිතාවට නොගන්නා ලද ආචාර්ය නාමයක් තම නම ඉදිරියට යෙදීම නිසා තමන් විශාල අපහසුතාවයට ලක්වූ බවත් මෙම අනවශ්‍ය හැඳින්වීම සිදුකළ පුද්ගලයා සොයා ගැනීමට අවශ්‍ය බවත් ඔහු සිය පැමිණිල්ල මගින් දැනුම් දී තිබේ.

තම නම ඉදිරියෙන් ආචාර්ය නම යෙදීම හේතුවෙන් පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සමාව ඉල්ලා ඇති බවත් මාධ්‍ය මගින්ද එම වැරදි හැඳින්වීම නිවැරදි කර ප්‍රසිද්ධිය ලබා දී ඇති බවද හෙතෙම කියා සිටියේය.

නමුත් මේ හේතුවෙන් තමන්ට දින තුනක පමණ කාලයක් තිස්සේ විශාල මඩ ප්‍රචාර දියත් වූ බවද පවසන ඔහු ට එනිසා මෙම වැරදි හැඳින්වීම කර තමන් අපහසුතාවට පත්කළ පුද්ගලයා සොයා ගැනීම සඳහා මෙම පැමිණිල්ල කළ බවද පැවසුවේය.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව