පුතා විසින් මව මරා දමයි..

15 වන දින ගොඩකවෙල පොලිස් වසමේ බිසෝකොටුව ප්‍රදේශයේදී පුද්ගලික ආරවුලක් හේතුවෙන් ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් වයස අවුරුදු 82 ක කාන්තාවකට ඇයගේ පුතා විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොඩකවෙල පොලිසියට ලද පැමිණිල්ලක් මත විර්මශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විර්මශන සිදුකරන අතරතුරදී 2024.12.15 වන දින උඩවලව පොලිස් වසමේ ගුරුමඩයාය ප්‍රදේශයේදී සැකකරු මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් වෙඩි තබාගෙන සිය දිවි හානි කර ගෙන ඇති බවට ප්‍රදේශවාසීන් විසින් පොලිස් ස්ථානය වෙත දැනුම් දී ඇත.

මරණකරු වයස අවුරුදු 54 ක් වූ ගල්පාය, පල්ලේබැද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය ඇඹිලිපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ගොඩකවෙල පොලිසිය වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව