පසුගිය දින කිහිපයේ හැටන් ප්‍රදේශයේ රු 200-220 අතර මිලකට අලෙවි වු පොල් ගෙඩියක මිල මේ වන විට රු 150-180 අතර සිල්ලර මිලකට අලෙවි කරන අතර, ඉල්ලුමට සරිලන පොල් සැපයුමක් ලැබුණද පාරිභෝගිකයන් පොල් සිමා කර මිල දි ගන්නා බවයි.
හැටන් සතොස ශාඛාවේ නිලධාරියෙකු කියා සිටියේ, හැටන් සතොස ශාඛාව වෙත ලද සහල් තොග අවසන් වි ඇති බවත්, තම ශාඛාවට අවශ්‍ය පොල් සහ සහල් තොග ඇණවුම් කර ඇතත්, එම තොග තම ශාඛාව වෙත කඩිනමින් ලැබිමට නියමිත බවයි.











