රිලවුන් චීනයට පටවන යෝජනාව යලිත්…

පොල් ගෙඩි මිලියන 200ක පමණ රිලවුන් විසින් වාර්ෂිකව විනාශ කිරීම පොල් මිල ඉහළ යෑමට මූලික හේතුවක් බව හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

පසුගිය රජය සමයේ මෙරට රිලවුන් චීන සත්ව උද්‍යාන වෙත යැවීමට සැලසුම් කළේ මෙම තත්ත්වය පාලනය කිරීමට වැඩපිළිවෙළක් ලෙස බවත් හිටපු ඇමැතිවරයා සදහන් කරයි.

නමුත් පරිසරවේදීන් අධිකරණයට ගොස් එය නතර කළ බවත් ගස්වල සාරි බැඳීම, තහඩු එල්ලීම, ඉඩමේ කොටසක් රිලවුන්ට අතහැරීම වැනි ප්‍රායෝගික නොවන විසඳුම් ඔවුන් ලබා දුන් බව ද ඒ මහතා පෙන්වා දෙයි.

තවමත් චීනයට රිලවුන් යැවීමේ අවස්ථාව පවතින නිසා එම යෝජනාව ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ද ඔහු පැවසුවේය.

6,437 views

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව