“විදුලි මාෆියාව” තවදුරටත්

ජල විදුලිබලාගාර ආශ්‍රිත ජලාශවල ජලය වාන්දමන තත්වයක් තුල සහ රට තුළ ප්‍රමාණවත් ගල්අඟුරු තිබියදීත්, ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගනිමින් පවතින බවත්, ආණ්ඩු මාරුවීම් සිදු වුවද විදුලිබල මණ්ඩලය තුළ ක්‍රියාත්මක වන “විදුලි මාෆියාව” තවදුරටත් පවත්වාගෙන යාමක් බවත්, ලංකා විදුලිබල මණ්ඩල තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ උප සභාපති නන්දන උදයකුමාර මහතා පවසයි.

කොළඹදී අද පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ උපක්‍රමයක් ලෙස, නොරොච්චෝලේ තාප විදුලිබලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක් උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක නොකිරීම හරහා විදුලි මාෆියාවට ඉඩදීමට උත්සාහයක් සිදුවන බවයි.

විදුලි ගාස්තු ඉහළ යාමට මෙම විදුලි මාෆියාව ප්‍රධාන කාරණයක් බවට පත්ව ඇති අතර, ජල විදුලිය සහ ගල්අඟුරු භාවිතයෙන් විදුලිය ජනනය කිරීමට තිබූ හැකියාව නොසලකා පෞද්ගලික අංශය මගින් විදුලිය මිලදී ගැනීම හේතුවෙන් විශාල මුදල් පාඩුවක් සිදුවී තිබෙන බවද ඔහු අවධාරණය කළේය.

මේ තත්ත්වය අඛණ්ඩව පැවතුනහොත් ලබන වසරේ පෙබරවාරි සහ මාර්තු කාලය තුළ ඇතිවන වියළි කාලගුණ තත්ත්වය මත විදුලිබල මණ්ඩලයට අවශ්‍ය මුදල් නොමැති විය හැකි බවත්, එමගින් පැය හතරක් හෝ පහක් විදුලිය කැපීමට සිදුවිය හැකි බවත්, විශේෂයෙන් පෙන්වා දුන්නේය.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව