Opec සංවිධානයෙන් ණයක් ඉල්ලයි..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව ක්‍රියාත්මක කරනු ලබන විස්තීරණ අරමුදල් පහසුකම් වැඩසටහනට සමගාමීව, ශ්‍රී ලංකාවේ විස්තීරණ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය මුල්‍යනය කිරීම සඳහා අරමුදල් සපයා ගැනීම පිණිස  ශ්‍රී ලංකා රජය විසින් අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදල වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.

ප්‍රතිපත්ති මත පදනම් වූණය යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක ණය මුදලක් ලබා දීමට එම ආයතනය විසින් එකඟතාව පළ කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්ද මෙම ණය ලබා ගැනීම, ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක එම අරමුදල් වැඩ සටහනේ පරාමිතීන්ට අනුකූල වන බවට තහවුරු කර ඇත.

ඒ අනුව, එකී ණය මුදල ලබා ගැනීම වෙනුවෙන් අන්තර් ජාතික සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදල සමඟ ණය ගිවිසුමට එළඹීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව