රිලව් අල්ලන්න, අලි පටවන්න ආණ්ඩුවට සල්ලි නෑ.. ලාල්කාන්ත කී විදිහට කරපල්ලා..

රටේ සිටින රිලව් වඳුරු අලි කරදර නිසා විඳින දුක දන්නේ එම ප‍්‍රෙද්ශවල ජීවත් වන ජනතාව බව රාජාංගනේ සද්ධාරතන හිමි පවසති.

ඇමති ලාල්කාන්ත මහතා හදවතින් කළ ප්‍රකාශයක් අල්ලා ගෙන බොරුවට කිඹුල් කඳුලු හෙළන සත්ව අවිහිංසාවාදීන් එම දුක නොදන්නා බව ද එහිමියන් වීඩියෝවක් නිකුත් කරමින් කියති.

වගා බිම් වන සතුන් විනාශ කළ විට එම ගොවි දරුවන්ට කන්න දෙන්නට කඩේ ණය බේරන්නට එම පිරිස නොපැමිණෙන බව ද සද්ධාරතන හිමියෝ පෙන්වා දෙති.

මේ අවස්ථාවේ අලි අල්ලා පැටවීමට, රිලව් වඳුරු රංචු ඇල්ලීමට ආණ්ඩුවට සල්ලි නොමැති බව දන්නා ඇමති ලාල්කාන්ත ජනතාවට මේ කරදරයෙන් පුළුවන් විදිහට බේරීමට උපදෙස් දී ඇතැයි ද එහිමියන් ප්‍රකාශ කරති.

එම ප්‍රකාශයේ කිසිදු වරදක් නැති බවත් ජනතාව හැකි විදිහට වන සත්ව කරදරයෙන් නිදහස් විය යුතු බවත් හිමියන් තව දුරටත් කියති.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව