රිලවුන් මර්දනයට ඒකකයක් හදන්නැයි කියයි..

වගා හානි කරන සතුන් සම්බන්ධයෙන් වගා භූමියේදී ගොවියා ගත යුතු ක්‍රියාමාර්ග යන්න චක්‍රලේඛයක් මගින් කෘෂිකර්ම ඇමැති කේ.ඩී. ලාල්කාන්ත දැනුම් දිය යුතු බව ගොවි නායකයන් කියා සිටිති.

මාධ්‍ය හමුවක් අමතමින් මහකනදරාව ඒකාබද්ධ ගොවි සංවිධානයේ හිටපු සභාපතිල රණමයුර ගොවි සංවිධානයේ සභාපති සුභසිංහ රත්නායක මහතා මෙම අදහස් පල කරන ලදී.

“කෘෂිකර්ම ඇමැතිවරයා කළ මෙම ප්‍රකාශයෙන් වගාවට පැමිණෙන සතුන් මරා දැමීමට කටයුතු කරන ලෙස කියා සිටියා. නමුත් ගොවියන් විදියට බෞද්ධාගමට අනුව එම සතුන් ඝාතනය කිරීමට අපිට බැහැ. අපේ වගාව හානි කළත් එම සත්තු මරලා දාන්න තරම් අපි දුර්වල නැහැ. අපි ඇමැතිවරයාට කියා සිටින්නේ සත්තු මරන්න ගොවියන්ට පවරන්න එපා කියලයි.

ඒ වෙනුවට, කෘෂි හමුදාවක්, ගොවි හමුදාවක් නමින් ඒකකයක් ඇති කර ඔවුනට ගිනි අවි ලබා දී, ලැබෙන තොරතුරු අනුව වගාවට පැමිණෙන අලි ඇතුන්ට, රිලවුන්ට, මොනරුන්ට හා අනෙකුත් හානි කරන සතුන්ට වෙඩි තිබීමට කෘෂිකර්ම අමාත්‍යවරයා එම ගොවි හමුදාවට අණ කළ යුතුයි. එහෙම නැති වුණොත් මම ඇති කරන එළ ගවයා එහා වත්තේ කුඹුරට ගියොත් මනුස්සයාට පුළුවන් ඒකා මරාගෙන මස් කන්න.

එම නිසා මෙම ප්‍රකාශය පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් හා එය නීතිගත කර ගැසට් එකක් මගින් ප්‍රකාශයට පත් කරන ලෙස අපි ඉල්ලා සිටිනවා.”

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව