දේශීය සහ ආනයනික සහල් සඳහා අති විශේෂ ගැසට් නිවේදනයක්

ආනයනික සහල් සඳහා සහ දේශීය සහල් සඳහා උපරිම මිල නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදන නිකුත් කර තිබේ.

ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයාගේ අත්සනිනි.

අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව ආනයනික කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල රු. 210 කි.

ආනයනික නාඩු කිලෝග්‍රෑම් එකක උපරිම සිල්ලර මිල රු. 220ක් ලෙස ගැසට් නිවේදනයේ සඳහන් විය.

නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව ආනයනික සම්බා කිලෝග්‍රෑම් එකක උපරිම සිල්ලර මිල රු.230 කි.

උපරිම සිල්ලර මිල නියෝගය ඊයේ (09) සිට බලාත්මක බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් විය.

මේ අතර දේශීය සහල් වර්ග කිහිපයක් සඳහා ද උපරිම මිල නියම කරමින් තවත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

දේශීය සුදු හෝ රතු කැකුළු සහල් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රු. 220 කි.

එහි තොග මිල රු. 215ක් ලෙස නියම කර තිබේ.

වාෂ්පයෙන් තැබ්ඹූ හෝ තම්බන ලද සුදු හෝ රතු නාඩු සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල රු.230 කි.

එහි උපරිම තොග මිල වන්නේ, රු.225 ක් ලෙසයි.

වාෂ්පයෙන් තැම්ඹූ හෝ තම්බන ලද සුදු හෝ රතු කැකුළු සහල් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රු. 240 ක් ලෙස සටහන් වේ.

එහි උපරිම තොග මිල රු. 235 කි.

කීරි සම්බා සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල රු. 260 ක් ලෙස සටහන්ය.

එහි උපරිම තොග මිල රු. 255 ක් ලෙස නියම කර තිබේ.

එම ගැසට් නිවේදනය ද ඊයේ (09) සිට බලාත්මක වන පරිදි නිකුත් කර ඇත්තේ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයාගේ අත්සනිනි.

එම නිවේදනවලට අනුව නියම කර ඇති මිලට වැඩියෙන් වෙළෙඳාම් කිරීම, සැපයීම, වෙළදාම සඳහා ඉදිරිපත් කිරීම හෝ ප්‍රදර්ශනය නොකළ යුතුයි.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව