ජනතාවට සහන දෙනවා වැඩියි නේද කියා අසනවා..- නියෝජ්‍ය ඇමති

ජනතාවට සහන දෙනවා වැඩි නේදැයි විපක්ෂයෙන් අසන බව නියෝජ්‍ය ඇමති රුවන් සෙනරත් මහතා සඳහන් කරයි.

ඉදිරි වසර සඳහා ඉදිරිපත් කරන අයවැය පෙබරවාරි මාසය ඉදිරිපත් කිරීමෙන් පසු ජනතාවට සහන රැසක් දෙන බවත් ඒ මහතා කියා සිටී.

නව ආණ්ඩුව පත් වී ගතවන්නේ ඉතා කෙටි කාලයක් නිසා තවත් සාධාරන කාලයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවද ඒ මහතා කියා සිටියේය.

රන්න ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් ඔහු මේ අදහස් පළ කළේය.

පවතින සහල් අර්බුදයට දැනටමත් විසඳුම් සකසා ඇතැයි ද පැවසූ ඔහු ජනතාව බඩගින්නේ සිටීදී සහල් සඟවාගෙන සිටින්නේ නම් එය අසාධාරණ බවද කියා සිටියේය.

සහල් නිෂ්පාදකයාටත් ඇති ගැටලු සම්බන්ධයෙන්ද රජය අවධානය යොමු කර ඇති බවත් ඔවුන් සියලු දෙනාටම අසාධාරණයක් නොවන පාරිභෝගියාටත් සාධාරණයක් වන විසදුමක් රජය ලබා දී ඇති බවත් ඒ මහතා තව දුරටත් පැවසුවේය.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව