විදුලි ගාස්තුවට තවත් සහන දෙන්න බෑ..- ලංවිම සභාපති

අඩු ආදායම්ලාභීන් සඳහා දැනටමත් 80% ක සහනාධාරයක් ලබා දෙන අතර එම අලාබය වෙනත් පාරිභෝගික කාණ්ඩවලින් පියවා ගැනීමට සිදුව ඇතැයි ද එහෙයින් ඉදිරියේදී තවදුරටත් එම පිරිසට එම සහන වැඩි කළ නොහැකි යැයි ද විදුලිබල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.

විදුලි ක්ෂේත්‍රයට කිසිදු සහනාධාරයක් රජයෙන් හෝ ජාත්‍යන්තර ආයතනවලින් නොලැබෙන හෙයින් මෙම පිරිසට 80% ක සහනයක් ලබා දීමෙන් වන අලාබය පියවනු ලබන්නේ වෙනත් පාරිභෝගික කාණ්ඩවලට විදුලිය බිල වැඩි කිරීමෙනි.

ඒ අනුව වාණිජ ආයතන සඳහා මසක විදුලිය ගාස්තුව රුපියල් 1000 ක් නම් ඔවුනට රුපියල් 1400 ක විදුලි බිලක් ගෙවීමට සිදුවන අතර, කර්මාන්ත ශාලා සඳහා මසක විදුලිය බිල රුපියල් 10,000 ක් නම් ඔවුනට ද රුපියල් 13,000 ක් පමණ ගෙවීමට සිදුව ඇතැයි ද ඔහු සඳහන් කළේය.

විදුලිබල මණ්ඩලයෙන් රජය ලාබයක් අපේක්ෂා නොකරන හෙයින් ආදායම හා වියදම ගලපා ගනිමින් කටයුතු කළ යුතුව ඇතැයි ද එබැවින් සහනාධාරය දැනට පවතින ප්‍රමාණය ඉක්මවා යා නොහැකි බවද ඔහු ප්‍රකාශ කරයි.

වසර 40 කට අධික කාලයක් මුළුල්ලේ විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රමාද වූ සියලු‍ කටයුතු නව පරිපාලනය සමඟ නියමිත පරිදි කඩිනමින් සිදුකිරීමට පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
– Deshaya

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව