සහල් ඇති කියා පලමු වාර්තාවෙන් කිවුවා.. මදි කියා ඊළගට කිවුවා.. එනිසා සහල් ආනයනය කරනවා..- ජනපති

රට තුල ඇති සහල් සංචිත සම්බන්ධයෙන් වාර්තාවන් ගැටළුකාරී බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලැබුණු වාර්තාව අනුව රට තුළ සහල් ප්‍රමාණවත් යයි සදහන් වුවත් පාරිභෝගික අධිකාරියේ වාර්තාව අනුව සහල් හිඟයක් ඇති බව හෙලි වීම මත සහල් ආනයනය කරන්න තීරණය කල බවත් හෙතෙම පැවසීය,

ඒ අනුව සහල් අර්බුදය විසඳීමට සහල් මෙට්‍රික්ටොන් 50,000ක් සමූපාකාර තොග වෙළෙඳ සංස්ථාවට එළැඹෙන 20 වැනිදා ලැබීමට නියමිත බවත් හෙතෙම පැවසුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.

රට තුල ඇති සහල් මාෆියාව බිඳදැමීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සකස් කරමින් සිටින බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

“අපි ඇවිත් කෙටි දවසකින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අපිට ලැබුණු වාර්තාව රට තුළ සහල් ප්‍රමාණවත් කියලා. නමුත් පාරිභෝගික අධිකාරිය විසින් කළ සමීක්ෂණ අනුව හෙළිවුණා සහල් හිඟයක් තියෙනවා කියලා. ඒ නිසා අපි සහල් ආනයනය කරන්න තීරණය කළා..

මේක දෙන්නෙක් තුන්දෙනෙක්ගේ ඒකාධිකාරියකට අයිති වෙන්න ඉඩ දෙන්නේ නැහැ. දැනට ඒගොල්ලන්ට ඒ හයිය තියෙනවා. අපිට පාලනය කරගැනීම සඳහා මෙවලමක් නැති නිසා. අපි දැඩි ස්ථාවරයක ඉන්නවා. අවශ්‍ය ක්‍රියාමාර්ග අපි ගන්නවා. නමුත් යම් කාලයක් යයි”

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව