ලංගම ඩිපෝවේ මුරකරු මරා මුදල් පැහැර ගනී..

නුවරඑලිය ලංගම ඩිපෝවේ සේවය කල මුරකරුවෙකු ඝාතනය කර ඩිපෝව තුල බැංකු ගත කිරිමට තිබු රු ලක්ෂ නවයකට ආසන්න මුදල් කිසියම් පිරිසක් සොරකම් කිරිම සම්බන්ධයෙන් නුවරඑලිය පොලිසිය විමර්ෂණයක් ආරම්භ කර ඇත.

මෙසේ ඝාතනයට ලක් වි ඇත්තේ එම ඩිපෝවේ මුරකරුවෙකු වශයෙන් සේවය කල නුවරඑලිය ගල්පාය ප්‍රදේශයේ පදිංචිව සිටි කේ.ලෝගෙෂ්වරන් නැමති 85 හැවිරිදි අයෙකි.

මුරකරු ඝාතනය කර ඩිපෝවේ අල්මාරියක් තුල තිබු රු ලක්ෂ නවයකට ආසන්න මුදලක් කිසියම් පිරිසක් රැගෙන ඇති බවට දැනට කර ඇති මුලික විමර්ෂණ වලදි අනාවරණය වි ඇත.

මුරකරු ඔහුගේ ආරක්ෂක කුටියේ රැදි සිට ඇති බවත්, එම අවස්තාවේ කිසියම් පිරිසක් හෝ පුද්ගලයෙකු තියුණු අයුධයකින් ඔහුගේ හිසට පහර දි ඝාතනය කර මුදල් රැගෙන ගොස් ඇත.

ඝාතනය සිදු වු අවස්තාවේ එම ඩිපෝවේ ස්ථාන භාර නිලධාරිවරයා සහ මුදල් අයකැමි ඩිපෝව තුල රැදි සිට ඇතත්, ඔවුන් නින්දට ගොස් සිටියදි මෙම ඝාතනය සිදු කර ඇති බවයි ඝාතනය සම්බන්ධයෙන් විමර්ෂණ සිදු කරන නුවරඑලිය පොලිසිය කියා සිටියේ.

(05) දින පස්වරුවේ එම ඩිපෝවේ ධාවනය කල බස් රථ වල ආදායම බැංකු ගත කිරිම සදහා අල්මාරියේ තබා තිබු බවයි නුවරඑලිය ලංගම ඩිපෝවේ නිලධාරියෙකු කියා සිටියේ.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව