රනිල් IMF ගිවිසුම ගහද්දීී විරුද්ද වුනේ ඔහුට ජන වරමක් නොතිබූ නිසා..- මාලිමා මන්ත‍්‍රීනි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේ ජාත්‍යන්තර මුල් අරමුදල සමග වූ වැඩපිළිවෙලට තම පක්ෂය විරුද්ධ වූයේ එවකට රනිල් වික්‍රමසිංහ මහතාට ජනවරමක් නොතිබූ නිසා බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී ලක්මාලී හේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

ජනවරමක් නැති ජනාධිපතිවරයකුට රට සම්බන්ධයෙන් එවන් ගිවිසුමකට එළඹීමෙන් අයිතියක් හැකියාවක් නැතිය යන පදනමේ සිට තම පක්‍ෂය එදා එම ගිවිසුම් වලට විරුද්ධ වෙද්දී එදා විපක්ෂයේ සිටි සියලු පක්ෂ එම ගිවිසුමට පක්ෂ එකඟතාව පළ කළ බවත් ඇය කියා සිටී.

කෙසේ හෝ දැන් ආණ්ඩු පක්ෂය වන තම පක්ෂය අදාළ ගිවිසුම තවදුරටත් ඉදිරියට ගෙන යන්නේ රටක් ලෙස ඒ සඳහා නෛතික වශයෙන් බැඳී ඇති නිසා බවද ඇය පෙන්වා දෙයි.

ඒ අරුතෙන් පසුගිය ආණ්ඩු විසින් කරන ලද වැරදි තම කරමත පැවරී ඇති බවත් එහි වගකීමද දැරිමට සිදුව ඇති බවත් ඇය කියා සිටියාය.

පාර්ලිමේන්තුව අමතමින් ඇය මෙම අදහස්  පළ  කරන  ලදී.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව