අස්වැසුම සුබ සාධක ගෙවීම් ක්‍රමය සංශෝධනයට කැබිනට් අනුමැතිය

අස්වැසුම සුබ සාධක ගෙවීම් යෝජනා ක්‍රමය සඳහා සංශෝධන හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

මධ්‍යම, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

ඒ, අනුව මෙම යෝජනා ක්‍රමය යටතේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභි පවුල් සඳහා කාණ්ඩ 4 ක් යටතේ ප්‍රතිලාභ හිමි ගැන්වෙනවා.

මෙහිදී ආර්ථීක අර්බුදයේ බලපෑම සම්පූර්ණයෙන් පහව ගොස් නොමැති බැවින්, සංක්‍රාන්තික සහ අවදානමට ලක් වූ කාණ්ඩ වලට අදාළව පළමු වටයට තේරී ඇති පවුල් සහ තෝරා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති දෙවන වටයේ අයදුම්පත් වලට අදාළව තෝරාගනු ලබන පවුල් සඳහා තවදුරටත් කෙටි කාලයකට සහන සැලසීමේ අවශ්‍යතාව පෙනී ගොස් ඇතැයි රජය පවසනවා.

එමෙන්ම වත්මන් ජීවන වියදම සැලකු විට දැනට ලබා දෙනු ලබන මුදල ප්‍රමාණවත් නොවන බවට ද කරුණු ඉදිරිපත්ව තිබේ. ඒ අනුව, දැනට බලපවත්නා අස්වැසුම සුබසාධක ගෙවීම් යෝජනා ක්‍රමය පහත සඳහන් පරිදි සංශෝධනය කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපති ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

*දුප්පත් හා අන්ත දිළිඳු සමාජ කාණ්ඩ සඳහා දැනට ගෙවනු ලබන මාසික ප්‍රතිලාභ දීමනාව පිළිවෙලින් රුපියල් 8,500/- සිට රුපියල් 10,000/- දක්වාත්, රුපියල් 15,000/- සිට රුපියල් 17,500/- දක්වාත් වැඩි කිරීම සහ ඒ අනුව සංශෝධිත අස්වැසුම සුඛ සාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලබන දින සිට ක්‍රියාත්මක කිරීම.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව