පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවරයක්…

අනුරාධපුර ශ්‍රී මහා බෝධි, බුද්ධ මන්දිරයේ රාජකාරී කරමින් සිටි අවිවාහක පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවරයක් සිදු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයකු ඊයේ (02 වැනිදා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඒ පිළිබදව සාකච්ඡා කළ බවයි.

ජය ශ්‍රී මහා බෝධියේ බුද්ධ මන්දිරයේ රාජකාරී කරමින් සිටින අතරවාරයේදී එහි පැමිණි සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා තමන්ට ලිංගික අතවරයක් සිදු කළ බවට 29 හැවිරිදි පොලිස් කොස්තාපල්වරිය පළමුව උඩමළුව පොලිසියේ ස්ථානාධිපතිවරයාට පැමිණිලි කොට තිබේ.

අනතුරුව උඩමළුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මේ බව අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි 1, ප්‍රභාත් විතානගේ දැනුම් දී ඇති අතර ඔහු විසින් ඒ බව, අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිලිණ හේවාපතිරණ දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ගුණසේකරගේ උපදෙස් පරිදි විමර්ශන සිදු කර අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු ඊයේ පස්වරුවේ අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව