මුදල් ඉල්ලා වට්ස්ඇප් පණිවුඩයක් ඔබටත් ලැබුණාද ? (Video)

වර්ථමානයේ වට්ස්ඇප් ජාලය හරහා විවිධ අකටයුතුකම් සිදුව ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා පවසයි.

ඔහු පැවසුවේ මෙරට විවිධ ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ගිණුම්වලට අනවරයෙන් ඇතුළු වී ඔහුගේ ග්‍රාහකයන් වෙත මුදල් ඉල්ලමින් පණිවිඩ යවා ඇති බවය.

මේ හේතුවෙන් ඇතැම් පුද්ගලයින් එම තොරතුරු විශ්වාස කරමින් ලබා දී ඇති ගිණුම් අංක වෙත මුදල් තැන්පත් කිරීමේ සිදුවීම්ද වාර්තා වී ඇති බවය.

“මේක සිද්ධ වෙන්නේ ඒ ප්‍රධාන පුද්ගලයාට දුරකථන ඇමතුමක් ලැබෙනවා එසේත් නැතිනම් ලින්ක් එකක් ලැබෙනවා ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන මීටිමකට ප්‍රවේශ වීමට. එසේත් නැතිනම් දේශනයකට ආරාධනාවක් කරන විදිහට තමයි මුළින්ම ආරාධනාව ලැබෙන්නේ. 

ඒ ලැබිලා සුළු මොහොතකට පසුව ඔහුට ලැබෙනවා කෙටි අංකයක්. ඒ අංකය කියන්නේ ඒ ගිණුමට ප්‍රවේශ වීමට ලබා ගන්නා කෙටි යෙදවුම. ඒ ඔස්සේ ගිණුමට ප්‍රවේශවෙලා පණිවිඩයක් යනවා ලබා දෙන ගිණුමට මුදල් ලබා දෙන්න කියලා හදිසි අවශ්‍යතාවක් වෙනුවෙන් කියලා. 

අපි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය විදිහට මහජනතාවට දැනුම් දෙන්න කැමතියි විශේෂයෙන් කිසිම පුද්ගලයෙක් හට එක්වරක් ලැබෙන මේ අංකය එසේත් නැතිනම් OTP අංකය කිසිම වෙලාවක ලබා දෙන්න එපා කියලා. 

ඒ වගේම කිසිම වෙලාවක නොදන්න කිසිම පුද්ගලයෙක් තමන්ගේ ජාලවලට ඇතුළත් කරගන්නත් එපා. ඒ වගේම මුදල් ඉල්ලා සිටියහොත් කිසියම් පසුවිපරමකින් තොරව මුදල් ලබා දීමක් සිදුකරන්නත් එපා.”

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන