පොලිස්පති චක්‍රලේඛයක් රිවස් කරයි…

රථවාහන තදබදය අවම කිරීම සඳහා ආලෝක සංඥා පුවරු අක්‍රීය කර රථවාහන හැසිරවීම අත්හිටුවමින් වැ.බ. පොලිස්පතිවරයා කලින් නිකුත් කළ චක්‍රලේඛය ඉවත් කරමින් ආලෝක සංඥා පුවරු අක්‍රීය කර රථවාහන හැසිරවීමට පොලිස් නිලධාරීන්ට යළි හැකි බවට අලුත් චක්‍රලේඛයක් වැ.බ. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් නිකුත් කර තිබේ.

මේ පිළිබඳව කළ නිරීක්ෂණවලදී රථවාහන තදබදය වැඩිවන බව පෙනී ගොස් ඇති නිසා මෙම පියවර ගෙන ඇති බවත් ඉදිරියේදී මොරටුව විශ්වවිද්‍යාලය හා අනෙකුත් පාලන ආයතන සමග සම්බන්ධීකරණය වී රථවාහන ගමනාගමනයට ගැළපෙන පරිදි ආලෝක සංඥා පුවරු යාවත්කාලීන කිරීමට තීරණය කර ඇති බවත් එහි දැක්වේ.

එමෙන්ම, මෙම රථවාහන සංඥා ආලෝක පුවරුවල සැකසිම් (Program) තත්ත්කාලයට ගැළපෙන ලෙස මොරටුව විශ්වවිද්‍යාලය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ අදාළ පළාත් පාලන ආයතනය විසින් යාවත්කාලීන කර නොමැති බවට නිරීක්ෂණය වූ අතර, අධිපැය රාජකාරි කාලයට ගැළපෙන ලෙස ආලෝක සංඥා යාවත්කාලීන කර නොමැති බවට ද තහවුරු වී ඇති බව එහි දැක්වේ.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව