අපේක්ෂකයින්ගේ ආදායම් විදයම් වාර්තා ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්, අපේක්ෂකයින් නියෝජනය කරන ලද පක්ෂවල ලේකම්වරුන් සහ ස්වාධීන කණ්ඩායම් නායකයින් විසින් සිය ආදායම් වියදම් වාර්තා එළැඹෙන 06 වැනි දින භාර දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව සඳහන් කර ඇත්තේ එදින රාත්‍රී 12.00ට පෙර හෝ ඊට ප්‍රථම එම වාර්තා වෙන් වෙන්ව සකස් කර අපේක්ෂකයින් තරඟ කරන ලද දිස්ත්‍රික්කවල තේරීම්භාර නිලධාරීන් වෙත භාර දිය යුතු බවයි.

එමෙන්ම ජාතික ලැයිස්තු අපේක්ෂකයින් සිය ආදායම්, වියදම් වාර්තා මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත භාර දිය යුතු බවත් මැතිවරණ කොමිසම පවසයි.

තවද අපේක්ෂකයින්ට සහ අපේක්ෂකයින් නියෝජනය කරන ලද පක්ෂවල ලේකම්වරුන්ට ස්වාධීන කණ්ඩායම් නායකයින්ට සහ ජාතික ලැයිස්තු අපේක්ෂකයින්ට මැතිවරණ ආදායම් වියදම් වාර්තා භාර දීමට හැකි වන පරිදි සාමාන්‍ය රාජකාරී දිනවල පස්වරු 6.00 දක්වා සහ එලැඹෙන 06 වැනි දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා සියලුම දිස්ත්‍රික්කවල මැතිවරණ ආදායම් වියදම් වාර්තා භාර ගැනීමේ විශේෂ ඒකක විවෘතව තැබීමටද කටයුතු කර තිබේ. 

එමෙන්ම එදින හෝ එදිනට පෙර අදාළ වාර්තා භාර නොදීම මැතිවරණ විදයම් නියාමනය කිරීමේ පනත යටතේ වරදක් වන බැවින් ඒ පිළිබඳ නීත්‍යානුකූලය කටයුතු කරන බවත් මැතිවරණ කොමිෂන් සභාව සිය නිවේදනයේ දක්වා තිබේ.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව