පීඩාවට පත් ධීවර ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන

පැවති අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට පත් ධීවර ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන සැලසීමට පියවර ගන්නා බව ධීවර සහ ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.

අයහපත් කාලගුණයෙන් පොතුවිල් ප්‍රදේශයේ ධීවර ප්‍රජාවට සිදු වු බලපෑම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පැමිණි අවස්ථාවේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

“පසුගිය දා ඇති වූ ආපදා තත්ත්වය මත මේ රටේ, සමස්ත ජනතාව මහා පීඩාවකට ලක්වුණා විශේෂයෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල. එම පළාත්වල ධීවරයින් දැඩි ලෙස මේ අර්බුදයට මුහුණපෑවා. ඒ අවස්ථාවේ අපි දැක්කා යාත්‍රා 16ක් මුළුමනින්ම විනාශ වෙලා. ධීවර පවුල් රැසකට තමන්ගේ ජීවන මාර්ගය අහිමිවෙලා. විශේෂයෙන්ම ජනාධිපතිතුමා දැනුම්වත් කරලා තිබුණා. ඒ මත ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මැදිහත් වෙලා මේකට කඩිනම් ක්‍රියාමාර්ග ගන්න සුදානමින් ඉන්නවා. ග්‍රාම නිලධාරීන්ට දැනුම් දුන්නා මේ මොහොතේ තමන්ගේ රැකියා අවස්ථා අහිමි වුණ පවුල් ගැන ප්‍රාදේශීය ලේකම් හා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙතින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට යොමු කරන්න කියලා. ඒ වගේම හානියට පත්වු ධීවර යාත්‍රා ගැනවලට යම් අස්වැසිල්ලක් ලබාදෙන්න අපි සුදානම් වෙලා තියෙනවා.”

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව