යාපනය රෝහල ජලගැලීමෙන් යටවේ..

යාපනය දිස්ත්‍රීක්කයට අද (28) දින ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අද සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලටද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ටී.සත්‍යමූර්ති මහතා පවසා සිටියේය.

යාපනය ශික්ෂණ රෝහලේ නේවාසික වාට්ටු කිහිපයක්ම ගංවතුර තර්ජනයකට ලක්ව තිබෙන අතර වාට්ටුතුලට ජලය ගලාඒම හේතුවෙන් කාර්ය මණ්ඩලයන් මෙන්ම රෝගීන්ද දැඩි පීඩාවන්ට පත්ව සිටිති.

නේවාසිකාගාර කිහිපයක්ද ජලයෙන් යටවීම හේතුවෙන් කාර්ය මණ්ඩලයේ සේවකයින්ගේ රාජකාරි කටයුතුවලටද දැඩි බාධාවක් වී ඇති අතරම ශල්‍යකර්ම ආදි ප්‍රතිකාර කටයුතු සඳහාද වර්ෂාව මේනම ඇතිව තිබෙන ගංවතුර තත්වය දැඩි බලපෑමක් එල්ල කොට ඇතැයිද යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වරයා වැඩි දුරටත් පැවසීය.

අද දින යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් යාපනය නල්ලූර් කෝවිල් භූමිය ඇතුලු ප්‍රදේශයද ජලයෙන් සම්පූරණයෙන්ම යටවී තිබුණි.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන