අයහපත් කාලගුණය හේතුවෙන් 2024.11.22 සිට 2024.11.27 දක්වා ආපදාවන්ට ලක්වී ඇති පුද්ගලයන් හා දේපල සම්බන්ධයෙන් වාර්තා නිකුත් වී ඇත.
ඒ අනුව ආපදාවට ලක්වූ පවුල් සංඛ්‍යාව – 5,9629 ක පුද්ගලයින් – 207,582
මියගිය ගණන – 01 (බදුල්ල)
තුවාල ලැබූ ගණන – 08 (බදුල්ල හා අම්පාර)
අතුරුදහන් වූ ගණන – 07 (අම්පාර)
පූර්ණ නිවාස හානි – 06 (මාතර හා මාතලේ)
අර්ධ නිවාස හානි – 561
ඥාතී නිවෙස්වල සිටින පවුල් – 1,712
ඥාතී නිවෙස්වල සිටින පුද්ගලයන් – 6016
ආරක්‍ෂිත ස්ථාන – 104
එහි සිටින පවුල් ගණන – 3,102
එහි සිටින පුද්ගලයන් ගණන – 10,137
රාජාංගනය, දැදුරුඔය, පේරාරු ඔය, පොල්ගොල්ල සහ උල්හිටිය රත්කන්ද ජලාශවල මෙන්ම පරාක්‍රම සමුද්‍රයේ ද වාන් දොරටු විවෘත කර තිබෙනවා.
මල්වතු ඔය, පරංගි ආරු, මහවැලි, ගල් ඔය, කලා ඔය, මා ඔය, මාදුරු ඔය, හැඩ ඔය, කනගරායන් ආරු, යාන් ඔය, මුන්දෙනිආරු සහ විල ඔයට අදාළ ගංගා අවට ජනතාව විමසිල්ලෙන් පසුවන්න.











