ගබඩාවකින් භාවිතයට නුසුදුසු ආහාර තොගයක්

කොටහේන ප්‍රදේශයේ ගබඩාවක තිබී අලෙවි කිරීමට සූදානම් කර තිබූ කල් ඉකුත් වූ ආහාර තොගයක් සොයා ගෙන තිබේ.

ඒ, පාරිභෝගික කටයුතු අධිකාරිය කළ විශේෂ වැටලීමකදීයි.

එහිදී නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වීමේ දිනය වෙනස් කළ කුරක්කන් ටොන් 22 ක් සහ කූනිස්සන් 975kg ක් සොයාගෙන තිබුණි.

කුරක්කන් 30kg බැගින් වූ ඇසුරුම් 740ක් ඒ අතරට ඇතුළත්ය.

ඉන්දියාවෙන් ආනයනය කළ එම කුරක්කන් තොගයේ නිෂ්පාදිත දිනය ලෙස සඳහන්ව ඇත්තේ, 2024 අගෝස්තු මාසයයි.

එතැන් සිට වසරක් ඇතුළත භාවිත කළ යුතු බව ඉන්දීය නිෂ්පාදකයා එහි සඳහන් කර තිබේ.

නමුත් ලාංකික ආනයනකරු කල් ඉකුත්වන මාසයේ සිට මාස 24ක් ඉදිරියට යොදා කල් ඉකුත්වන දිනය වෙනස් කර තිබුණි.

කූනිස්සන් 5kg බැගින් වූ ඇසුරුම් 195ක ද කල් ඉකුත් වීමේ දිනය වෙනස් කර අලෙවි කිරීමට සූදානම් කර තිබූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේ ය.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව