ගබඩාවකින් භාවිතයට නුසුදුසු ආහාර තොගයක්

කොටහේන ප්‍රදේශයේ ගබඩාවක තිබී අලෙවි කිරීමට සූදානම් කර තිබූ කල් ඉකුත් වූ ආහාර තොගයක් සොයා ගෙන තිබේ.

ඒ, පාරිභෝගික කටයුතු අධිකාරිය කළ විශේෂ වැටලීමකදීයි.

එහිදී නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වීමේ දිනය වෙනස් කළ කුරක්කන් ටොන් 22 ක් සහ කූනිස්සන් 975kg ක් සොයාගෙන තිබුණි.

කුරක්කන් 30kg බැගින් වූ ඇසුරුම් 740ක් ඒ අතරට ඇතුළත්ය.

ඉන්දියාවෙන් ආනයනය කළ එම කුරක්කන් තොගයේ නිෂ්පාදිත දිනය ලෙස සඳහන්ව ඇත්තේ, 2024 අගෝස්තු මාසයයි.

එතැන් සිට වසරක් ඇතුළත භාවිත කළ යුතු බව ඉන්දීය නිෂ්පාදකයා එහි සඳහන් කර තිබේ.

නමුත් ලාංකික ආනයනකරු කල් ඉකුත්වන මාසයේ සිට මාස 24ක් ඉදිරියට යොදා කල් ඉකුත්වන දිනය වෙනස් කර තිබුණි.

කූනිස්සන් 5kg බැගින් වූ ඇසුරුම් 195ක ද කල් ඉකුත් වීමේ දිනය වෙනස් කර අලෙවි කිරීමට සූදානම් කර තිබූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේ ය.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන