ආපදා මරණ ගණන ඉහළට

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙතෙක් සිව්දෙනෙක් මියගොස් තවත් 6 දෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කලමනකරණ මධ්‍යස්ථානය පවසයි.

පවතින කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුම්දීම සඳහා අද (27) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජනරාල් (විශ්‍රාමික) උදය හේරත් මහතා මේ බව පැවසීය. 

මෙම අයහපත් කාලගුණික තත්ත්වය දිවයිනේ දිස්ත්‍රික්ක 18ක ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 141කට බලපා තිබේ.

ඉන් පවුල් 66,947ක පුද්ගලයින් 230,743කට බලපෑම් ඇතිවී ඇති බවත්, පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලබා ඇති බවත් උදය හේරත් මහතා පැවසීය.

එමෙන්ම මෙම තත්ත්වය හේතුවෙන් පූර්ණ නිවාස හානි 8ක් හා අර්ධ නිවාස හානි 620ක් ආපදා කලමනකරණ මධ්‍යස්ථානයට වාර්තා ඇත.

ඒ හේතුවෙන් ආරක්ෂිත කඳවුරු 165ක පුද්ගලයින් 15,586 දෙනෙකු සුරක්ෂිතව රැඳී සිටින බවද ඔහු පැවසීය.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව