මාලිමා මන්ත‍්‍රීලා පාර්ලිමේන්තු කැන්ටිම සුනු විසුනු කලා.. සෝමාලියාවෙන් පැන්නා වගේ ආහාර හිගයක්ද ඇති කලා..

නව පුනරුද රජය විසින් පසුගිය රාජපක්ෂ රජයටත් වඩා ජනතා බදු මුදල විනාශ කරමින් සිටින්නේ යැයි සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා චෝදනා කරයි.

දහවෙනි පාර්ලිමේන්තුව ආරම්භක දිනයදා සෝමාලියා කඳවුරකින් පැන්නා පෙනුනු බවද හෙතෙම කියා සිටියි.

කෑම පාර්සලය ගෙදරින් ඔතාගෙන විත් කන බව කිවු කණ්ඩායම පාර්ලිමේන්තු කැන්ටිම දෙවනත් කර සුනු විසුනු කර ආහාර හිඟයක් ද ඇතිකළ බවටද ඔහු චෝදනා කරයි.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට කෑම ආහාර සපයා දීමට ගොස් පාර්ලිමේන්තු සේවකයන්ද අපහසුතාවයට පත් වූ බවද හෙතෙම කියා සිටියේය.

කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව