අද ආණ්ඩු කරන්නේ අපි… අපේ බෝනස් අපි ගන්නවා…

අද ආණ්ඩු කරන්නේ අපි… අපේ බෝනස් අපි ගන්නවා.. මාලිමාවේ නරි කණෙන් අල්ලා එලියට දානවා..- රන්ජන් ජයලාල්

අද ආණ්ඩුව කරන්නේ තමන්ගේ අය බවත් ලංකා විදුලි බලමණ්ඩලයේ සේවකයන්ගේ ප්‍රසාද දීමනා ලබා ගන්නා බවත් ලංකා විදුලි සේවක සංගමය සඳහන් කරයි.

එහි ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා සඳහන් කරන්නේ ලංකා විදුලි බල මණ්ඩලය බාර අමාත්‍යවරයාද තම පක්ෂයේ සහෝදරයකු බවයි.

නමුත් විදුලිබල මණ්ඩලයේ අභ්‍යන්තර තොරතුරු එළියට දමන්නේ මාලිමාවට රිංගා ගත් නරි කිහිප දෙනෙකු බවත් නුදුරේදීම එම නරි කණෙන් අල්ලා එලියට දමන බවත් ඔහු කියා සිටියි.

අද පවතින්නේ තම ආණ්ඩුව බවත් විදුලි සේවකයන්ගේ ප්‍රසාද දීමනාව ලබා ගන්නා බවත් විදුලි බල මණ්ඩලය හදන බවත් ඊට අවශ්‍ය යෝජනාද ගෙන එන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව