කාලගුණය දරුණු අතට

දිවයින වටාවන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ ගොඩබිම සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, අද (25) පස්වරුවේ නිකුත් කරන ලද එම නිවේදයන හෙට (26) පස්වරු කාලය දක්වා පැය 24 කාලයක් වලංගුවන බවයි.

නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පැවති අඩුපීඩන කලාපය අද (25) උදෑසන මධ්‍යම නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇත.

එම පද්ධතිය අද පෙ.ව 1130 පමණ වන විට ත්‍රිකුණාමලය කී.මී. 530ක් පමණ එපිටින් ගිණිකොන දෙසින් පිහිටා තිබේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, එය ඉදිරි පැය 24 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව