ජේවියර් , සේවියර් කෙනෙක් වෙනකොට රනිල් ?

මේ දවස් වල දකුණු ඉවුර විශ්වාස කරන අයගේ වීරයා බවට පත්වෙමින් ඉන්නෙ ආර්ජන්ටිනාවෙ ජේවියර් මිලී

ජේවියර් ආර්ජන්ටිනාවට හදුන්වා දීපු ආර්ථික ප්‍රතිසංස්කරණ ඉතාම කෙටිකාලෙකින් සාර්ථක ප්‍රතිඵල පෙන්වල තියනව , ආර්ථික අර්භුදයේ පතුලටම වැටිල හිටපු ආර්ජන්ටිනාව යලි නැගිටින්න පටන් අරන්, පහුගිය කාර්තුවෙ ආර්ජන්ටිනාවේ ආර්ථික වර්ධනය 8.5%ක් , ඒක ලෝකයේම ඉහලම අගයක්, විදේශ සංචිත ඩොලර් බිලියන 19කින් වැඩිවෙලා, උද්ධමනය සහ බැංකු පොලිය අඩුවෙලා , බැංකු මූල්‍යකරණය සදහා ඩොලර් බිලියන 20ක් මුදා හරින්න සමත් වෙලා

මේ ඉලක්කම් තරම් ලොකු නොවුනත් රනිල්ලුත් මේ ක්ශේත්‍ර සේරගෙම වර්ධනයක් ගන්න සමත් උනා, ඒත් ජේවියර් ආර්ජන්ටිනාව ගලව ගන්න සේවියර් බවට නම් වෙද්දි රනිල්ට ද්‍රෝහියෙක් වෙලා ගෙදර යන්න උනේ ඇයි?

ජේවියර් කියන්නෙ දේශපාලනයට එන්න කලින් මාධ්‍යවේදියෙක්, ඔහු දේශපාලනඥයෙක්ට වඩා දාර්ශනිකයෙක්, ඒ නිසා ඔහු ඔහුගේ ආර්ථික ප්‍රතිපත්ති සෘජුව සහ නිර්භීතව සමාජගත කලා

ඔහුගේ දේශපාලන දර්ශනයේ හරය උනේ

1 රාජ්‍ය හැකිතාක් කුඩා කිරීම

2 වෙලදපොල නිදහසට ඉඩදීම

3 පුදගලික නිදහස අගය කිරීම

කියන ලිබරල් මූලධර්ම , ඔහු ආර්ජන්ටිනාවේ පැවති වාමාංශික ආකල්පමය උරුමයන්වූ

1 සීමාවිරහිත රාජ්‍ය මැදිහත්වීම්

2 ඊනියා දේශීය ආර්ථිකය සහ සංරක්ෂණවාදය

දැඩිව විවේචනය කලා

ඔහු සිය ආර්ථික උපාය මාර්ග ලෙස

1 dollarization ආර්ජන්ටිනාවේ ප්‍රධාන මුදල් ප්‍රවාහය ලෙස ඩොලරය පත් කිරීම

2 drustic spending cuts

රාජ්‍ය අමාත්‍යංශ , රාජ්‍ය ආයතන සහ රාජ්‍ය සේවය අඩුකිරීම

3 tax reporms

බදු ක්‍රමය සරල කිරීම සහ ආයෝජන සදහා බදු සහන ලබාදීම

4 deregulation

ආයෝජන , වෙලදපොල සදහා භාදාවන සීමාකාරී නියාමනයන් ඉවත් කිරීම සහ කම්කරු නීති සංශෝදනය

මෙම කරුණු වලින් deregulation කියන කන්සෙප්ට් එක ක්‍රියාත්මක කරන්න රනිල්ලුත් උත්සාහ ගත්ත , ඒ වෙනුවෙ තමයි කම්කරු පනත් වගේ දේවල් ආවෙ, ඒත් ඒ අතරට රනිල් අලුත් සීමා සහ නියාමනයන් එකතු කලා , ඒ රනිල් ආර්ථිකයෙදි ලිබරල් වාදියෙක් උනාට දේශපාලනයෙදි උග්‍ර කන්සෙවේටිව් වාදියෙක් නිසා ඔහු එල්බ ගන්නා නිගමන නිසා වියහැකියි.

dollarization කියන කන්සෙප්ට් එකෙන් ජේවියර් බලාපොරොත්තු වන විනිමය ස්ථාවරත්වය හා සමාන අරමුණක් වෙනුවෙන් ගත පියවරක් ලෙස රනිල්ද ඉන්දියානු මුදල් ඒකකයට ලංකාව තුල ඉඩ විවර කරන්න උත්සාහ කලා ,

බදු සරල කිරීමට රනිල් මැදිහත් උනත් ආයෝජන පිලිබද මිත්‍යශීලී බදු ක්‍රමයක් සැකසීමට වඩා රනිල් මූලිකත්වය දුන්නෙ කෙටිකාලීන ඉලක්ක සම්පූර්ණ කරගැනීම වෙනුවෙන් බදු බර වැඩිකිරීමට , රනිල්ට ඒ වෙනුවට රාජ්‍ය ආයතන පුද්ගලීකරණය වගේ ක්ශේත්‍ර වලට මූලිකත්වය දෙන්න තිබුන , රාජ්‍ය කුඩා කිරීම පිලිබද යෝජනා රනිල් සාකච්ඡාවට ගත්තත් ඔහුට ඒවා ක්‍රියාත්මක කිරීමට නොහැකි වුනේ ඔහුහේ සහායට සිටි , පොහොට්ටුවාදීන් පෙනීසිටි විශාල රාජ්‍යයක් සහ රාජ්‍ය මැදිහත් වීමක් පිලිබද දැක්ම සහ සමස්තයක් ලෙස ලාංකේය සමාජයේම තිබෙන රට යනු රජයය කියන අදහසේ බලපෑම නිසා විය හැකියි.

ඒ වගේම දේශපාලනික කොන්සවේටිව් වාදියෙකු වන රනිල්ද රාජ්‍යයට රහසින් ප්‍රේම කරන බව අප අමතක කලයුතු නෑ

ජේවියර් ආර්ජන්ටිනාවේ එක තැන පල් වෙන දූෂිත රාජ්‍ය සෘජුව විවේචනය කරමින් සමස්ත ස්ථාපිතය වෙනස් කිරීම වෙනුවෙන් පෙනීසිටිය, රනිල් ඒ වෙනුවට එම ස්ථාපිතය ආරක්ෂා කරමින් එයට ප්‍රතිසංස්කරණ යෝජනා කලා ,

දූෂිත ස්ථාපිතයක් පවත්වා ගනිමින් එහිම කොටස් කාරයන් සමග දූෂණ විරෝධී නීති සම්පාදනය ජනතාව විශ්වාස කලේ නෑ , ඒකෙ වාසිය ගත්තෙ අනුර , ඔවුන් දූෂිතයන් හිරේ යැවීම සටන් පාඨය කරගෙන බලය ලබාගෙන, දූෂණයට හේතුවූ විශාල රාජ්‍ය සහ ආර්ථිකය තුල රාජ්‍ය මැදිහත් වීම කලින්ටත් වඩා සිදුකරමින් ඉන්නව

රනිල්ගේ සහයට සිටි පැරණි පොහොට්ටුවෙ මිතුරන් පමනක් නොවේ ඔහුගේ සමීපම පාපමිත්‍රයන් බොහෝ දෙනෙකු පිලිබද ජනතාව තුල තිබුනෙ අප්‍රසාදයක් , ඒ වගේම රනිල්ගෙ කන්සර්වේටිව් දේශපාලන ආකල්ප නිසා ඔහු පවත්වා ගෙන ගිය ප්‍රභූ ආකෘතියේ දේශපාලන ව්‍යුහය , ඒ තුල තිබූ සහචරවාදය වැනි අන්තර් ගතයන් නිසා රනිල්වද ජනතාව විශ්වාස කලේ නෑ , ඒ නිසාම ඔහු කල ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණද ජනතාව විශ්වාස කලේ නෑ

රනිල් කල ආර්ථික ප්‍රතිසංස්කරණ පිලිබද සුභවාදී ස‍මාජ අවදානයක් නිර්මාණය නොවීමට, ඉහත කරුණු සියල්ලට වඩා බලපෑවේ ඒවා පිලිබද මතවාදී ප්‍රවේශයක් නොතිබීමය ,බොහෝ හොද ආර්ථික ප්‍රතිසංස්කරණ පවා කලේ සමාජයේ තිබෙන ආකල්ප වලට අභිමුඛ නොවී රහසින් මෙනි. එනිසාම ඒවා හොර වැඩ හෝ යටිකූට්ටු වැඩ ලෙස අර්ථකතනය උනා

අනික් අතට රනිල් කල ආර්ථික ප්‍රතිසංස්කරණ සමාජගත කිරීමට තරම් ඒ පිලිබද දේශපාලන දැක්කමක් ඔහුගේ කන්ඩායමට තිබුනෙ නෑ , ජනාධිපති මාධ්‍ය ඒකකයේ ප්‍රධානියා ඉතාම ආචීර්ණ කාල්පික ජාතිකවාදී මතවාද විශ්වාස කල බැතිමතෙක්.. පොහොට්ටුවෙ කන්ඩායම කොට්ට උරයක් මෙන් කනපිට ගසන්නටද නොහැක , unp යේ ඉතිරිව සිටි අයටද පොහොට්ටුවට මෙන් රනිල්ගේ ආර්ථික වැඩ පිලිවෙලට පසමිතුරු ආකල්පයක්වත් තිනුනෙ නෑ

ඉතා සරල උදාහරණයක් ලෙස unp ය නියෝජනය කරමින් රනිල්ගේ ආන්ඩුවේ මුල්කාලයේ රූපවාහිනී සංවාද වලට පැමිනි සමන් රත්නප්‍රිය ,ආෂූ මාරසිංහ වැන්නන් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය ගැන කතා කලේ පාඩු ලබන නිසා ඒවා ප්‍රව්‍යුහගතකරණය කලයුතු බවය.

රාජ්‍ය ව්‍යාපාර නොකල යුතු නිසා එසේ ප්‍රව්‍යුහගතකරණය කරන බව මේ කථිකයන් ලවා කියවා ගැනීමට පුහුණු වැඩමුළු තුනක පැවැත්වීමට සිදු උනා , ඒවාට බොහෝ උද්ධච්ඡයන් සහභාගී නොවන්නේ , ” ඇයි අපි දන්නෙ නැද්ද , ඉගෙන ගන්න් අසමිනි”

රනිල්ගෙ ප්‍රතිසංස්කරණ වලට පක්ෂ මිතුරන් සිටියේ ආන්ඩුවේ නොව විපක්ෂයේය , එහෙත් ඔවුන්ද විටෙක පක්ෂව සහ විටෙක විපක්ෂව මත දක්වමින් අවස්තාවාදී විය

ජේවියර් ගැන කතා කරන විට රනිල් සම්භන්ද කර ගත්තේ යයි යලිත් රනිල්ට තඩිබෑමට නොව ආර්ථික ප්‍රතිසංස්කරණ ජයගත හැක්කේ ආර්ථිකමය දැක්මකින් පමනක් නොව දේශපාලන දැක්මකින් සහ ප්‍රායෝගිකත්වයට නැගිය හැකි දේශපාලන වැඩපිලිවෙලක් ලෙසින් බව අවභෝද කරවීමටය.

ඉතා පිරිසුදු මතාවාදී දැක්මක් තිබීම පොත්පත් ලිවීමට අත්‍යාවශ්‍ය මුත් ඒවා ප්‍රායෝගිකත්වයට නැගීමට දේශපාලන දැක්මක් සහ වැඩපිලිවෙලක් අවශ්‍යය.

May be an image of 1 person

දැන් රනිල් නැත , එජාපයක්ද නැත , ඉතිරි වී ඇති එජාපය රවීගේ නම් රවී ලොව ඇති ඉස්තරම්ම ආර්ථික වැඩපිලිවෙල ගෙනාවද ජනතාව තවතවත් අනුරගේ ආචීර්ණ කල්පිත වැඩපිලිවෙල වැලද ගන්නවා මිස එය අතහැර රවී සමග එන්නේ නැත,

ඉතිරි පලුවේ රනිල්ගේ සෙවනැල්ලේ සැගවී සිට කෙලිසෙල්ලම් කිරීමෙන් එහාට යමක් කලහැකි කිසිවෙකු නැත

ස ජ බ ගත්තද ඒ ප්‍රශ්නය එසේමය , blue print එක තිබුනාට එහි අඩංගුව තබා සමාජ වෙලද පොල ආර්ථිකය යනු කුමදැයි ඇසූ විට උඩ බිම බලන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් එහි සිටී..

දකුණු ඉවුරේ මිතුරන් සිය ගැලවුම් කරුවා ලෙස ඔටුනු පැලදවීමට උත්සාහ කරන, අපගේ ඉතා හොද මිතුරෙකු වන කාංචන තෙල් සංස්ථව වැනි ආයතන කීපයක් වුව එකවර පාලනය කිරීමට සුදුසු C E O කෙනෙක් වුවද , ඔහුගේ දකුණු ඉවුරේ දේශපාලනය ගැන ඇති දැක්ම පිලිබද මට කිසිදු අදහසක් නැත, අවශ්‍ය නම්

ජේවියර් ගේ ආර්ථික දැක්මේ ඉහත දක්වා ඇති මූලිකාංග තුන ගැන ඔහුගේ අදහස් විමසන්න

වරුණ රාජපක්ෂ

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන