යුද්ධය 2025 දී අවසන් කළ හැකියි – සෙලෙන්ස්කි

යුක්‍රේනයට 2025 වසර තුළ යුද්ධය අවසන් කළ හැකිවනු ඇතැයි එරට ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සඳහන් කළා.

ඔහු සඳහන් කළේ ඇමරිකා එක්සත් ජනපදයේ මීළඟ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්‍රේන යුද්ධය නැවැත්වීම සඳහා ඉදිරිපත් කරන සාම යෝජනා ජනවාරිය වනවිට පැහැදිලි වනු ඇති බවයි. එයින් අනතුරුව එම යෝජනා පිළිබඳ සලකා බලා තම වැඩපිළිවෙල සකසන බව සෙලෙන්ස්කි කියා සිටියා.

මේ අතර සෙලෙන්ස්කි වැඩිදුරටත් පැවසූයේ රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් ගේ අපේක්ෂාව වන්නේ කුර්ස්ක් පළාතේ යුක්‍රේනය විසින් අල්ලාගෙන සිටින ප්‍රදේශ ජනවාරි 20 ට පෙර නැවත අත්පත් කරගැනීම බවයි.

රුසියාවේ ප්‍රධානම තර්ජනය එල්ල වන්නේ දොන්බාස් දෙසින් බවත්, එම ප්‍රදේශය ද ජනවාරි 20 වනවිට අල්ලාගැනීමට පුටින් බලාපොරොත්තු වනු ඇති බවත් සෙලෙන්කි සඳහන් කළා.

එළඹෙන ජනවාරි 20 වනදා ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩ භාරගැනීමට නියමිතයි.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන