ටෙනිස් පිටියට සමුදුන් ලෝක පූජිත රෆායල් නඩාල්…

ස්පාඤ්ඤ සුපිරි ටෙනිස් ක්‍රීඩක රෆායල් නඩාල් සිය වෘත්තීය ටෙනිස් දිවියට සමුදී තිබේ.

ඒ, මෙවර ඩේවිස් කුසලාන ටෙනිස් තරගාවලියෙන් ස්පාඤ්ඤයට ඉවත් වීමට සිදු වීමත් සමගයි.

ඩේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේදී ස්පාඤ්ඤයේ ප්‍රතිවාදීන් බවට පත්වුණේ නෙදර්ලන්තයයි.

රෆායල් නඩාල්, කාලෝස් අල්කරේස්, මාර්සෙල් ග්‍රානොලර්ස් මෙහිදී ස්පාඤ්ඤ කණ්ඩායම නියෝජනය කළේ ය.

සුපිරි ටෙනිස් ක්‍රීඩක ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් තරගාවලියේ පිරිමි කේවල අර්ධ අවසන් පූර්ව වටයේදී තරග කළේ නෙදර්ලන්තයේ බොටින් වැන්ඩර් ෂැන්සුප් සමගයි.

එම තරගය වට 2ට 0ක් ලෙස නඩාල්ට පරාජය වීමට සිදුවිය.

පසුගිය ඔක්තෝබර් 10 වැනි දා රෆායල් නඩාල් නිවේදනය කළේ, ඩේවිස් කුසලාන ටෙනිස් තරගාවලිය ඔහුගේ වෘත්තීය ටෙනිස් දිවියේ අවසන් තරගාවලිය වනු ඇති බවයි.

2001 වසරේදී සිය වෘත්තීය ටෙනිස් දිවිය ආරම්භ කළ නඩාල් ග්රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා 22ක් දිනා සිටියේ ය.

කලක් ලෝක ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ රැඳී සිටි ඔහු සිය වෘත්තීය දිවියට සමුදෙන්නේ ලොව දෙවැනි සාර්ථකම ටෙනිස් ක්‍රීඩකයා ලෙසයි.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන