සමගියේ අභ්‍යන්තර ගැටුම් ඉවරයි

සමගි ජන බලවේගයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 4 සඳහා සුදුස්සන්ගේ නම් ලබන සදුදාට පෙර නම් කරනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.

ඒ කොළඹ ඊයේ(22) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පසු ගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 05 ක් හිමි වූ අතර ඉන් එක් මන්ත්‍රි ධූරයක් පමණක් මේ වනවිට පුද්ගලයෙකු නම් කර තිබෙනවා.

සෙසු මන්ත්‍රී ධූර හතර සඳහා ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී.එල්. පීරිස්, ඉමිතියාස් බාකීර් මාකර්, සුජීව සේනසිංහ සහ මනෝ ගනේෂන්ගේ නම් යෝජනා වී තිබුණා.

මේ අතර, පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ නියමිත වේලාවට ඉතිරි ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර සඳහා ද පුද්ගලයින් නම් කරන බවයි.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව