2024 ආර්ථික වර්ධනයේ ගෞරවය රනිල්ද අපටද කියා ප‍්‍රශ්ණයක් තිබෙනවා..- මාලිමා මන්ත‍්‍රීනී

2024 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකයේ ඇති වූ ස්ථාවර බව සම්බන්ධයෙන් ගෞරවය යා යුත්තේ පැවති රජයට ද වර්තමාන රජයටදැයි සංවාදයක් ඇති වී තිබෙන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය පවසයි.

පාර්ලිමේන්තුව අමතමින් ඇය මෙම  අදහස්  පළ  කළාය.

‘2024 මැදවන විට ලංකා ආර්ථිකයේ යම් ස්ථාවර බවක් ඇති වී තිබෙන බව පෙනෙන්නට තිඛෙනවා.

අප ආණ්ඩුව බාරගත් විටත් ඒ ස්ථාවර බව ඉදිරියට ගෙන යන්නට හැකියාව ලැබුණා.

මේ වර්ධනයේ ගෞරවය යා යුත්තේ පැවති රජයට ද අපට ද කියා සංවාදයක් ඇති වී තිබෙනවා.

මේ දත්ත පිටුපස තිබෙන කතන්දරය අප කියවා ගත යුතුයි. එමෙන්ම ඒ සඳහා කැප කිරීම් කළ ජනතාව ගැනද කල්පනා කළ යුතුයි.

බදු ආදායම වැඩි වීමේ අනෙත් කතාන්දරය ජනතාවට අධ්‍යාපනයට සෞඛ්‍යයට ගෙවන්නට තිබූ මුදල් අහිමි වීමයි.

බදු ගෙවීම ඇතුලේ සාමාන්‍ය ජනතාව බරපතළ ඛේදවාචකයකට ලක් වුණා. වෙලත් දෙවේලක් නොකා රටට බදු ගෙවූ ජනතාවට මෙහි ගෞරවය හිමි විය යුතුයි.

ඇත්තෙන්ම මේ වසර මැද මූල්‍ය තත්වය ගැන දත්ත පිළිබඳව අපට සතුටු විය හැකිය.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන