ළමයින් නොයොදා දැන්වීම් හදන්න බෑ..- සමාගම් කියති

ඇසුරුම් කිරීමේ නව රෙගුලාසිවලට අනුව, නිෂ්පාදන සමාගම්වලට වයස අවුරුදු 12 ට අඩු ළමයින් සිය නිෂ්පාදන ප්‍රචාරය සඳහා යොදා ගැනීම කළ නොහැකි බවත්, එය ගැටලු සහගත තත්වයක් බවත් නිෂ්පාදන සමාගම් සඳහන් කරයි.

සාමාන්‍යයෙන් ක්‍රීඩා උළෙලවලදී, ආගමික ස්ථාන වලදී, පොළවල්වලදී සහ ඇතැම් විට රෝහල් වලදී සිය නිෂ්පාදන ප්‍රවර්ධන කිරීම සඳහා නොමිලේ බෙදා දීම සිදුකරන බවත් නව රෙගුලාසිවලට අනුව එලෙස නිෂ්පාදන බෙදාදීමට ප්‍රථමයෙන් දරුවන්ගේ උප්පැන්න සහතික පරීක්ෂා කිරීමට සමාගම් වලට සිදුවනු ඇති බව ආහාර නිෂ්පාදන සමාගම් ප්‍රකාශ කරයි.

කොරෝනා සමයේදී, සෞඛ්‍ය අමාත්‍යාංශය, රෝහල්ගතව සිටි දරුවන්ට විස්කෝතු පරිත්‍යාග කරන්නැයි ආහාර නිෂ්පාදන සමාගම් වලින් ඉල්ලා සිටි බවත් ඒ රෝහල් වලින් ලබාදුන් ආහාර දිවට රස නොවුණු බැවින් නිසා බවත් ආහාර නිෂ්පාදන සමාගම් පැවැසුවේය.

ආහාර නිෂ්පාදන සමාගම් එදා රජයේ ඉල්ලීමට කන් දී, නොමසුරු ලෙස පරිත්‍යාග සිදු කළ බව ද එම සමාගම් ප්‍රකාශ කළේය.

දරුවන්ට අමතරව, ගැබිනි මවුවරුන්ගේ සහ කිරිදෙන මවුවරුන්ගේ ඡායාරූපද ආහාර ඇසුරුම්වල පෙනෙන්න සැලැස්වීමද නව රෙගුලාසි යටතේ තහනම් කර ඇතැයි ද ආහාර නිෂ්පාදන සමාගම් පැවැසුවේය.

එසේ වුවත්, මෙම තහංචිය, පෞද්ගලික සත්කාර නිෂ්පාදන ඇතුළුව වෙනත් නිෂ්පාදන වලට නොමැති බවද ආහාර නිෂ්පාදන සමාගම් ප්‍රකාශ කළේය.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන