හෙට සිට මහා බස් වර්ජනයක්.. සියළු බස් සංගම් එකට..

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩපිලිවෙල යටතේ සිදු කරන අත්තනෝමතික බස් රථ පරීක්ෂා කිරීමට එරෙහිව බස් රථ වර්ජනයක් සිදුකිරීමට පෞද්ගලික බස් රථ සංගම් සූදානම් වෙයි.

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරන්නේ හෙට පස්වරුවේ සිට රට පුරා වැඩ වර්ජනයක නිරත වීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.

මේ පිළිබඳව හෙට පෙරවරුවේ සාකච්ඡාවක් පවත්වන බවද හෙතෙම කියා සිටී.

අනවශ්‍ය ලෙස නීතිමය ක්‍රියා මාර්ග ගැනීම හරහා පෞද්ගලික බස් රථ ධාවනයට රියදුරන් පවා සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් මේ වන විට උදාවී ඇති බවද සභාපතිවරයා පවසයි.

මෙම මෙහෙයුම හරහා පෞද්ගලික බස් රථ ඉලක්ක කරමින් දිගින් දිගටම පොලිසිය කටයුතු කරමින් සිටින බවට ද ඔහු චෝදනා කරයි.

ඒ අනුව සියලුම බස් රථ සංගම් සහ සේවක මහතුන්ගෙන් ඉල්ලීම ලැබී ඇත්තේ හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් රථ ධාවනයෙන් ඉවත් වීමට බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

මේ අතර සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී, ප්‍රකට බස්රථ ව්‍යාපාරික ජගත් විතාන මහතා ද සඳහන් කරන්නේ හෙට මධ්‍යම රාත්‍රියේ දිවයින පුරා දැවැන්ත බස් රථ වර්ජනයක් සිදු කරන බවයි.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන