හෙට විදුලිය කැපෙයිද? තීරණය අද පස්වරුවේ

සැලසුම් කළ විදුලිය කප්පාදුවක් හෙට (13) දිනයේ සිදුවනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් වන තීරණය අද (12) පස්වරුවේ ප්‍රකාශයට පත් කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා සඳහන් කළේ, ඒ පිළිබඳ අධ්‍යනය කරමින් ඇති බවය.

මේ අතර අක්‍රිය වී ඇති නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර 03ක් තවදුරටත් යථා තත්ත්වයට පත් කර නැත.

එමගින් ජාතික පද්ධතියට අහිමිවන විදුලි ධාරිතාව මෙගාවොට් 900කට ආසන්නයි.

මේ වනවිට ජල විදුලි උත්පාදනය 30%ක මට්ටමක පවතින අතර පවතින ජලය කළමනාකරණය කර ගනිමින් විදුලි සැපයුම කළමනාකරණයට පියවර ගන්නා බව විදුලි බල මණ්ඩලය සඳහන් කළේ ය.

මේ අතර, පසුගිය ඉරිදා දිවයින පුරා සිදු වූ විදුලිය බිද වැටීම සම්බන්යෙන් පූර්ණ වාර්තාවක් දෙන ලෙස මහජන උපයෝගීතා  කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම් දී තිබේ.

එම කොමිසමේ සභාපති මහාචාර්ය ලලිත් චන්ද්‍රලාල් මහතා සඳහන් කළේ, අදාළ වාර්තාව ලැබීමෙන් පසු එය අධ්‍යනය කර යළි එවැනි තත්ත්වයක් ඇති නොවීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව සලකා බලන බවයි.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන