හිටපු ජනපති මහින්ද නිවස රජයට ලබාදිය යුතුයි – ජනපති

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචි නිවස රජයට ලබාදිය යුතු බවත් අවශ්‍ය නම් සුදුසු නිවසක් ලබාදීමට සූදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ගල්ගමුව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට සිටින නිවස කිසිසේත්ම ඔහුට ලබානොදෙන බවය.

“ආයුබෝවන්… මොකද තත්ත්වේ? හොඳද? සතුටුයි… හොඳයි. අවුරුදු ගණනක සිටි මෙරටට වාහන ආනයනය කරන්නේ නැහැ. පුද්ගලික පරිහරණයට වාහන ආනයනය කිරීමට අද සිට අවසර දුන්නා. හැබැයි මෙය අසීරු, ප්‍රවේසම්සහගතව කළ යුතු කාර්යයක් මොකද වාහන ආනයනය කිරීමට අපේක්ෂා කරන්න සියලුමදෙනාම පෙබරවාරි මාසයේම ආනයනය කළොත් ඩොලර් ඉල්ලුම වැඩිවෙනවා. ඒ නිසා අපි ප්‍රවේසම්සහගතව වාහන නිදහස් කරන්නේ. ‍ඩොලරයේ අගය ඉහළ ගිය නිසා වාහන මිල වැඩියි. අමතරව බදු කිහිපයක් පනවා තිබෙනවා ඇයි ඒ එකවර ඉල්ලුම වැඩිවුණොත් අර්බුදයක් නිර්මාණය වෙනවා. ආරම්භයේදී මිල ඉහළ යයි – කලක් ගිය පසු මිල අඩුකිරීමේ අපෙක්ෂාවකුත් තියෙනවා. ඒවා තමයි ආර්ථියේ අපි ඇතිකරන විශාල වෙනස්කම්.”  

“දේශපාලනඥයාගේ හොරකම්, නාස්තිය නවත්වන්න කිව්වා. අපි එය කළා – කොච්චර නාස්තියක් නතර කළාද ? මගේ වැය ශිර්ෂය 50%කින් කපලා තියෙන්නේ. මම සහතියක් දෙන්නම් ඒකත් ඉතුරු කරනවා මේ අවුරුද්දේ. අපි නාස්ති කරන්නේ නැහැ. අපි කිව්වා හිටපු ජනාධිපතිවරුන්ට කැපකිරීම් කරන්න කියලා. අපි කිව්වා ඔයා ඉන්න ගේ ලොකු වැඩියි, ඒක වර්ග අඩි 30,500යි. පිට්ටනියක් වගේ ගෙවල්. ඉන්නේ දෙන්නයි පාළු නැද්ද ? පසුගිය කාලේ ප්‍රතිසංස්කරණ වියදම්වලට රුපියල් කෝටි 47ක්. අපි කිව්වා ඕක බර වැඩියි, ලොකු වැඩියි කිව්වා. එතකොට කියනවා මාව එළියට දාන්න හදනවා, මගෙන් පළිගන්න හදනවා. පළිගැනීමක් නෙමයි මහජන මුදල් නාස්ති කරන්න එපා. ඒ නිසා අපි කියන්නේ කරුණාකරලා ගේ දෙන්න. ඉන්නම තැනක් නැත්නම් දෙන්නට හරියන්න ගෙයක් දෙන්නම්.  මුළු ජනාධිපති කාලෙම අවුරුදු 10ක් බැංකු ගිණුමට පඩිය ඇවිල්ලා පඩිය අරගෙන නෑ. ළඟ හිටපු පුද්ගලික් ලේකම් පඩියට වැඩේ දීලා. එයාගේ විතරක් නෙමයි පුතාත් බැංකු ගිණුමට ආපු පඩිය අරන් නැහැ. පඩිය අමතක වෙනවා.  හිතන්නකෝ කොච්චර ධනයක් ඇතිද ? දැන් කියනවා ඉන්න ගෙයක් නැහැලු. නැත්නම් එකක් දෙන්නම්. හැබැයි ඕක නම් දෙන්නේ නැහැ.”  

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන